ලංකාවෙ සංචාරයකට පැමිණ සිටි එක විදේශීය යුවළක් කඩේක විකුණන්නට තියල තිබ්බ ලෙලි ගහපු පොල් දැකල ඒ මොනවද කියල කඩකාරයගෙන් ඇහුවම අලි බිත්තර කියල කඩකාරය උත්තර දුන්නා.බිත්තරෙන් අලි පැටව් හදාගන්නෙ කොහොමද කියල අහපුවම බිත්තරේ අරං ගිහිං කිකිළියො බිත්තර රකිනව වගේ රකින්න ඕනෑ කියපු කපටි කඩකාරය පොල් ගැන දන්නෙ නැති මේ යුවළට පොල් ගෙඩියක් විකුණලා ලොකු මුදලක් කඩාගත්තා.
මේ දෙන්නා ලාබෙට අලි පැටියෙක් ලබාගන්න පුළුවන් වෙච්ච එක ගැන
සතුටුවෙමින් නවාතැනට ගියා.ගිහිං ඉස්සෙල්ලම කාන්තාව බිත්තරේ රකින්න පටන් ගත්තා.පැය හතර පහක් බිත්තරේ උඩ ඉඳගෙන ඉන්නකොට ඇයට ඇතිවෙලා දැන් ඔයා රකින්න කියල මනුස්සයට වැඩේ බාරදුන්නා.දැන් මිනිහා බිත්තරේ උඩ ඉඳගෙන ඉන්නව.තවත් පැය කීපයක් ගියාම මේ මිනිහටත් වැඩේ ඇතිවෙලා කාන්තාවට කතාකළා.
මේ දැන් මාත් පැය ගාණක් රැක්කනෙ අලි පැටිය දැන් නං එළියට ඇවිත් ඇති නේද?පොඩ්ඩක් ඇවිත් බලන්නකො...
කාන්තාව ඇවිත් බිත්තරේ රකින අස්සට අතදාල බලල සතුටින් කෑ ගැහුවා.
දැන් නං එනව, දැන් නං එනව, මේ බලන්නකො මේ හොඬවැල, අනේ පව් චූටි හොඬවැල.
No comments:
Post a Comment