Wednesday, October 14, 2015

කිකිළියෝ

ඔන්න අහුලන් කන කිකිළියෝ දෙන්නෙක් දවසක් ලොකු ඕපාදූප කතාවක්.එකෙක් වයිට් ලැගොන් අනිකා නිකං ගං කිකිළියක්.
අපට තමයි හොඳට ඉල්ලුම තියෙන්නෙ බලන්නකො අපේ බිත්තරත් ඔයාලගෙ බිත්තරවලට වඩා ලොකුයි.ගාණත් වැඩියි...
වයිට් ලැගොන් කිකිළි ලොකුකම කිව්වා.ගං කිකිළිට හරි තරහයි.
ඔයාලගෙ බිත්තරේකට කීයක් හම්බවෙනවද?
ගං කිකිළි නුරුස්නා විලාසයෙන් ඇහුවා
සත දොළහක් හම්බෙනවා.ඇයි අපේ බිත්තරේ ඔයාලගෙ ඒවාට වඩා ලොකුයිනෙ, අනික ඔයාලගෙ බිත්තරේකට හම්බෙන්නෙ සත දහයයි නේද?
වයිට් ලැගොන් කිකිළි හොට උල් කර කර කිව්වා.
අනේ අපට ඕනැ නෑ,අපට ඔය හම්බවෙන සත දහය ඇති. ඇයි සත දෙකේ වාසියට පුක ඉරා ගනිල්ලකො ...
එහෙම කියපු ගං කිකිළි ගස්සගෙන යන්න ගියා

No comments:

Post a Comment