Saturday, October 17, 2015

friendship shot


න් ඉස්සර ඉදල හිටල බොනවා. ඒ කාලේ අවුරුද්දට එක පාරක් විතර බිම වැටෙන්නම බොනවා. එදාට ඉතින් චොර.
ඔන්න ඔහොම එක අවුරුද්දක අපි බිව්වා musicale එකක් බලන්න ගිහින්. කොහොම හරි එදා musicale එක බලන්න උන් නෑ. එදා ගෙනාවේ Grape බෝතල් දෙකක්. පට්ට ජරාවක්. ගදත් එක්ක පට්ටෙට. කොහොම හරි limit එකට මන් බිව්වා. එත්
අපේ උන් ගෙන් බේරෙන්න බැරුව friendship shot දාගන්න උනා. මට හැමදාම කෙල වෙන්නේ ඔන්න ඔය shot එක දාගන්න ගිහින්. 
කොහොම හරි බීල බීල කියෝලා musicale එකට යන්න පිටත් උනා වැනි වැනි. Ground එකට ලං වෙද්දී එකා දෙන්න කබරයා දානවා. එකෙක් payment ekaka බුදි. මන් කොහොම හරි වැනි වැනි මන් දන්න කෙල්ලෙක්ගෙ ගෙදරකට ගිහින් දෙහි ගෙඩි දෙකක් ගෙනාව අරුගේ ගාන්න. ගෙනාපු වෙලේ ඉදන් මාත් down. අරුට වැඩි වෙලා ඌ කියෝනව. මන් කෙට්ටු නිසා මට කියවන්නවත් පන නෑ. මන් ඉතින් ඔහේ ගුලි වෙලා payment එකේ නිදාගෙන වෙන දේවල් අහගෙන උන්න. 
අහගෙන උන්නයි කිව්වට මටත් සිහියක් තිබුන් නෑ හරියට.
කොහොම හරි දවස් දෙක තුනකට පස්සේ අනිත් උන් සෙට් උනාම උන දේවල් දෙනගත්තේ.


අනිත් එකාට වැඩි නිසා අරුන් ලාම්පුතෙල් ගෙනත් යටිපල්ලේ ගාල. එතකොට අරු කෑ ගහනවලු මෙන්න *කේ අරින්න හදනවෝ කියල. 
ඊට පස්සේ ලූණු ගෙඩියක් කවන්න හදල. එතකොට කෑ ගහනවලු මෙන්න කටට දෙනෝ කියල.


කොහොම හරි එදා ගොන්නු වගේ friendship shot ගහල තියෙන්නේ මමයි අරුයි විතරයි. අනිත් උන් හොරෙන් විසික් කරල. තවමත් ඕකෙ සිද්දි මතක් කරලා අපිව චාටර් කරනවා අනිත් උන්.

No comments:

Post a Comment